සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කරමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් විය.
තරගයේ අවසන් දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.
ජොෂුවා ද සිල්වා ලකුණු 54යි. බෝනර් නොදැවී ලකුණු 68යි.
පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 230කට සීමා විය.
ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදීයි.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.